NEWSNOW| – මැලේසියාවේ ජාත්‍යන්තර ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ ආචාර්’ය උපාධිය හැදෑරූ සිසුන් අතරින් හොඳම ආචාර්’යවරයාට හිමි වන සම්මානය හිමිකර ගැනීමට පුත්තලම ප්‍රදේශයේ විද්වතෙකු වන අසාද් සිරාස් (නලිමි) තේරී පත්වී ඇත.
රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් තිස් දහසක් පමණ පිරිසක් මෙහි අධ්‍යාපනය ලබමින් සිටීම විශේෂත්වයකි.
බේරුවල ජාමියානලීමියාවෙන් අධ්‍යාපනය ලබා, කැළණිය විශ්වවිද්‍යාලයයන් පශ්චාත් උපාධි හැදෑරූ අසාද් සිරිස් මහතා විසින් Vishuddhi and Tazkiyyah: An Analysis of Purification in the views Of Buddhism and Islam යන මාතෘකාව යටතේ කළ පර්’යේෂණ නිබන්ධනය වෙනුවෙන් ඔහු හෙඳම ආචාර්’ය උපාධිධරයා ලෙස මැලේසියාවේ ජාත්‍යන්තර ඉස්ලාමීය විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
එම උපාධි ප්‍රදානෝත්සවය නොවැම්බර් 16 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පිරිනැමීමට නියමිතය.
ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ආචාර්’ය අසාද් සිරාස් මහතාට නිව්ස් නව් අපගේ සුබපැතුම්!