බ්‍රිතාන්‍ය සහ රුසියා තානාපති කාර්’යාලත් සංචාරනයින්ට අනතුරු අඟවයි

0
158

NEWSNOW | – ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්’යාල නිලධාරීන්ට සහ එරට පුරවැසියන්ට අනතුරු ඇඟවූ   සු බ්‍රිතාන්‍ය සහ රුසියා රජයන්ද සංචාරකයින්ට මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ර්ම’මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්’යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකර තිබුණි.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්’යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින් ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් එමගින් රුසියානු ජාතිකයින්ට දැනුම්දී තිබුණි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද X පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්’යාලය පවසයි.