නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දින 2ක්

0
43

NEWSNOW| –  මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දිනයක් ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද(22) මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව පැවසුවේය.

නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බව ඔහු පැවසීය.

“මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කටයුතු සිදුවෙමින් පවතිනවා. සමස්ත තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් සංඛ්‍යාව 759,210ක්. එයින් 21,160ක් ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව 738,050ක් සඳහා තැපැල් ඡන්ද නිකුත්කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. මෙය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩිවීමක් තමයි දකින්න ලැබෙන්නේ.”