විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක්

0
101
NEWSNOW| – ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට විශ්වාස කටයුතු වාර්’තා වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අරුගම්බේ ප්‍රදේශට යාමෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්’යාලය ඇමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බව තානාපති කාර්’ ලය වැඩිදුරටත් දන්වා සිටියා.
එබැවින් කිසියම් සැක කටයුතු කටයුත්තක් හෝ හදිසි අවස්ථාවකදී 119 අමතන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්’යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතය.
මේ වන විට මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.
එම නිවේදනය මෙසේය,