පාස්කු ප්‍රහාරයේ විමර්’ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දරනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

0
44
NEWSNOW | – පාස්කු ප්‍රහාරයේ විමර්’ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ.
වර්’තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිමය කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට යෝජනා දුන්නේද ඒ ආණ්ඩුවම යැයි අගරදගුරු හිමිපාණන් පැවසුවේය.
අගරදගුරුතුමන් මෙසේ පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙසේද පැවසුහ.
“ගිය රජය පත් කරපු කොමිෂන් සභා දෙකක වාර්’තා රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළමුවැනි කොමිෂන් සභා වාර්’තාවේ තියෙන්නේත් ජනාධිපති කොමිෂන් සභාව දුන්න නිර්’දේශමයි. ඒ කොමිසමේ නිර්දේශ ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕනද. හැබැයි එතන පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජයේ ඉන්න උසස් නිලධාරීන් දෙදෙනෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටිය යෝජනා කළා. කොමිටියට ඒ යෝජනා දුන්නේ ආණ්ඩුවමයි. ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා අපි පිළිගන්න සූදානම් නැහැ. අපිට ඕන මේ සිද්ධියේ ඇත්ත දැනගන්න විතරයි.
මේ රටේ නායකයා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව විමර්ශනයක් අරඹලා තියෙනවා. එය ඉටු කරනතුරු අපි දෑස් දල්වා බලා සිටිනවා.