ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ප්‍රහාරයක්

0
158

NEWSNOW| –  ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ටෙල් අවිව් ප්‍රදේශයේ පිහිටි නෙතන්යාහුගේ නිවස ප්‍රහාරයකින් විනාශ වී තිබේ.

ලෙබනන් ප්‍රහාර වලින් මෙලෙස නෙතන්යාහුගේ නිවස විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය පවසයි.

උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.

ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබේ.

ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.