භාණ්ඩ වර්ග 5 ක් සඳහා අළුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා නොමැති බව රජය කියයි

0
77

NEWSNOW| – රජය විසින් භාණ්ඩ වර්ග 5 ක් සඳහා අළුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදු කරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශය පවසයි.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු නත යටතේ 202. ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05 ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනනේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේනාංක සමඟ වදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සඳහන් කිරීමන් ප්‍රධානම නීතිමය අවශ්‍යතාවයන් 03 කි.

එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ පහක් (05) සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2023 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වූ බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට්‌ නිවේදනය මගින් කටයුතු කර ඇත.

එමගින් රජය විසින් අළුතින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25 ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාත යටතේම එලෙසම දීර්ඝ කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින්,