ශානි අබේසේකර මහතාට නව රජය දුන් පත්වීම ගැන IRES ප්‍රශ්න කරයි

0
130

NEWSNOW | – අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්’යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් IRES හි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මේ බව පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජාතික ජන බලවේගය වෙනුවෙන් සක්‍රීයව ප්‍රචාරක කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුවට ශානි අබේසේකර එක්වූ බවද ගජනායක මහතා පෙන්වා දුන්නේය.

අබේසේකර මහතා පත් කර ඇත්තේ ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අබේසේකර මහතා සේවයේ යෙදී සිටියදී කාර්’යක්‍ෂම නිලධාරියකු ලෙස සැලකුවද ඔහුගේ පත්වීම ප්‍රකාශ කළ යුතුව තිබුණේ මහ මැතිවරණය අවසන් වී නව පාර්’ලිමේන්තුවේ පළමු සැසිවාරයෙන් පසුව බවද ගජනායක මහතා අවධාරණය කළේය.