ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන අනාවරණයක්

0
44
NEWSNOW | – උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට අනතුරක් සිදුවී ඇති බව මෙතෙක් වාර්’තා වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය පවසයි.
ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ මෙවැනි ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා විධිවිධාන නිරන්තරයෙන් පිළිපදින ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති බවය.
හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා.
එහිදී සෙබලු‍න් හතර දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්’තා වල දැක්වේ.