වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්’දු නිරූපා පත්වෙයි

0
81
NEWSNOW | – ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්’දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ.
ඇය අද (10) ජනාධිපති ලේකම් කාර්’යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි.
වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි.