ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ ස්තාවරයක

0
70
NEWSNOW | – හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂය පවසයි.
“අධිරාජ්‍ය විරෝධී සම්ප්‍රදාය තුළ මුල් බැසගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ඓතිහාසික උරුමයට ගරු කරන සහ හිමිකම් කියන දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ජනාධිපතිතුමා බලයට ගෙන ආ ජනවරම ආරක්ෂා කර ගැනීමටත් අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටීමටත් කැපවී සිටිනවා. ඒ ජනවරම නිර්මාණය කළේ ජනතාවයි” යනුවෙන් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බහුතර බලයක් නොලැබුණහොත් තීන්දු තීරණවලට බලපෑම් කළ හැකි අනෙකුත් සභාග පක්ෂවල සහයෝගය මත විශ්වාසය නොතබා ඔහුට ආණ්ඩු කිරීමට ඉඩ සලසමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම මෙම තීරණයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.