ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ප්‍රචාරක වියදම් හෙලිකළ අය කවුද?

0
66

NEWSNOW| –  මෙවර ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර තරග කළ සියලු අපේක්ෂකයන් මේ මස 13 වැනිදාට පෙර සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.

දැනට මෙම ලේඛන ඉදිරිපත් කර ඇත්තේ පේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ.ඒ. කුලරත්න සහ විජයදාස රාජපක්ෂ පමණි.

මෙම ප්‍රචාරක වියදම් ලේඛන සියල්ල දිස්ත්‍රික් මට්ටමින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටීයි.

මෙම ප්‍රචාරක වියදම් අසත්‍ය නම් එය තහවුරු කළ හැකි ලේඛන සහිතව පොලිසියට පැමිණිලි කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.