NEWSNOW | – ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්’ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්’ය බන්දුල ගුණවර්’ධන මහතා අද (04) ප්‍රකාශ කළේය.
වසර 20 වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්’ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් ඔහු දරා තිබේ.
ඔහු පවසන්නේ පාර්’ලිමේන්තුව නියෝජනය කිරීමට මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ජනතාව අසරණ වී සිටි බවය. ඒ වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදුකළ බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්’මාණයක් කිරීමටත් ඔහු අදහස් කරමින් සිටින බවද මාධ්‍ය වෙත පැවසීය.