වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති ලෝක ළමා දින සැමරුම[PHOTOS]

0
265
NEWSNOW| – වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය ඊයේ (01) දින වෙනස්ම මුහුණුවරක් ගෙන තිබුණේ ලෝක ළමා දිනය සැමරීම සඳහාය.
බොහෝ සිසු සිසුවියන් පාට ඇඳුම් වලින් සැරසී පැමිණෙන අයුරු දක්නට ලැබුණි.

වෙනදාට උදෑසන පාසලේ ගේට්ටුව අසල මුරකරු මහතා රුඳී සිටිනු දැකිය හැකි වුණත් අද දිනයේ දරුවන් පිළි ගත්තේ පාසලේ විදුහල්පති ඩී.එස්.රාජපක්‍ෂ , නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ පාසලේ ගුරු මණ්ඩලය විසිනි.

සෑම දරුවෙකුටම බැජ් එකක් පළන්දා දරුවන් පිළි ගත් අතර වෙනදාට වඩා දරුවන් හා ගුරුවරුන් අතර ලෙන්ගතුබවක් දක්නට ලැබුණි.
සුපුරුදු පරිදි උදෑසන බුදුන් වැඳ පාසල් ගීය ගායනය කළ ළමුන් ඉන් පසුව පිට්ටනිය වෙත ගියේ සරුංගල් යැවීමටයි. බොහෝ සිසුන් අලංකාර සරුංගල් සාදා ගෙන පැමිණ සිටිනු දැක ගැනීමට හැකි විය.

ඉන් අනතුරුව සිසුන්ගේ නර්’තන අංග කිහිපයක් සුදානම් කර තිබුණේ සිසුන්ගේ දක්‍ෂතා එළිදැක්වීම සඳහාය.

මෙදින දරුවන් සඳහා විශේෂ බුරියානි ආහාර වේලක් පිළියෙළ වුණේ පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සහ ආදී සිසුන් අතිනි.

දිවා ආහාරය පිළියෙළ කරන තුරු පාසල් ක්‍රීඩා පිට්ටනියේ දරුවන්ට නර්’තනයේ යෙදෙමින් විනෝද වෙන්නට අවස්ථාව ලබා දී තිබුණේය.
අනතුරුව පාසල් ප්‍රධාන ශාලාව ඉතා අලංකාරව සරසා සිසුන්ට ආහාර ගැනීමට පිළියෙළ කර තිබුණි. පේළියට පැමිණි සිසුන්ට ගුරුවරුන් කෑම පිළිගන්වන ලදී. ඒ අනුව දරුවන් ඉතා ආසාවෙන් බුරියානි රස විඳි අතර කෑමෙන් පසුව අයිස්ක්‍රීම්ද බෙදා දුන්නේ ගුරුවරුන් විසින්මය.