හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට

0
107
NEWSNOW | – හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්’ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස මව්බිම ජනතා පක්ෂය සමඟ එක්ව ඇත.
එහදී මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්’ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්’ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමිවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූයේය. ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත්කෙරුණි.
මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පත්කෙරුණි.