NEWSNOW | – විශ්‍රාම ලත් නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එන්.එම්.එම්.මිෆ්ලි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.එම ලිපිය මෙසේය.
උපුටා ගැනීම
හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි,
ඔබතුමන් ජනාධිපති බවට පත් වු මොහොතේ සිට ඔබට සුබ පතන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකිව මා දින කිහිපයක් ව්‍යාකූලව සිටියෙමි.
කෙසේ වෙතත් උසස් තනතුරු ලද සැනින් වළාකුලු අතරේ පා වුණු අන් ජනාධිපතිවරුන් මෙන් නොව කවදත් මහ පොළොවෙහිම පය ගසා සිටින්නට කැමති ඔබ වැනි කෙනෙකුව කෙසේ ආමන්ත්‍රණය කළද ඔබ වැඩි සැලකිල්ලකට නොගන්නා බව මා හොඳින් වටහා සිටි නිසා මෙම ලිපිය ලියන්නට දිරිමත් වුයෙමි. ඔබතුමන් මෙරටෙහි ජනාධිපති ධුරය අතට ගත්තේ එහි තැවරී ඇති අපවිත්‍ර හා කැළැල් ඉවත් කර එය ශුද්ධපවිත්ර කරන්නට හෙයින් ඔබතුමන් එම තනතුරෙන් නොව, එම තනතුරය ඔබ නිසා ගෞරවයට පත්ව ඇත්තේය.
ගරු ජනපතිතුමනි, ඔබතුමන් දැයේ සුක්කානම අතට ගත් එම 2024 සැප්තැම්බර් 22 වන දිනය, මා විවාහ වු දිනයෙන් පසු, මගේ දිවියේ ප්රීතිජනකම දිනයයි. මා විශ්වාස කරන අන්දමට එම දිනය මට සේම ලක්වාසි බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ජීවිතයේ අතිශය ප්රීතිජනක දවසක් වුවාට අබමල් රේණුවක සැකයක් නැත.
ඔබතුමන්ගේ මෙම ඓතිහාසික ජය මෙලෙසින් දීපව්‍යාප්ත ප්‍රීතිප්‍රමෝදයක් ඇති කරන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම විජයග්‍රහණය මෙරට පීඩිත බහුතරයකට තිබුණු නිදහසේ සහ සමෘධියේ සිහිනය දැන් සැබෑවක් වනු ඇතය යන විශ්වාසය ඇති වීමයි. කිසි දිනෙක සිදු නොවනු ඇතැයි බලාපොරොත්තු සුන් වී තිබුණු දෙයක් දැන් ඉතින් සිදුවනු ඇති බවට ධණාත්මක ඉගි, ඔබ බලයට පත් වු පසුදා සිටම, පළ වන්නට පටන් ගෙන තිබේ.
හිතාදර ජනාධිපතිතුමනි, මා ඔබව කිසි දිනෙක මුහුණට මුහුණ දැක හෝ වචනයක් කථා කර හෝ නැත. එසේ වුවද, මාධ්‍යවල ඔබගේ කථා ඇසු මා ඇත්තෙන්ම සතුටින් ඉපිලී ගියෙමි. එයට හේතුව ඔබතුමන්ගේ සිත්ගන්නා සුළු වාග්චාතුර්’ය පමණක් නොව එහි ගැබ්ව තිබුණු අවංක, විශිෂ්ඨ හා තර්’කානුකූල අදහස්ය.
කෙලිලොල් තරුණ වියද ඇතුලත්ව, ඔබතුමන්ගේ දිවියේ අගනා දශක තුනක පමණ කාලයක් ඔබතුමන් මෙම දේශය වෙනුවෙන් කැප කර ඇත. එම දීර්ඝ කාලය තුල ඔබතුමන්ට ඇති වුනු හිංසා පීඩා, තර්ජන ගර්ජන, මදිපුංචිකම් නිමක් නැති බව ලක්වාසි අප සැම මනාව දනිමු. ඔබතුමන් ඒ සියල්ල රට වෙනුවන් නිර්’භීත ලෙස ඉවසා දරා සිටි ආකාරය ගැනද අප සිටියේ අනවධානයෙන් නොවේ. මෙම දිගූ කාලීන දේශපාලන පන්නරය නිසා මෙම සුන්දර රට වැටී තිබෙන ආගාධයේ ගැඹුර සහ විනාශයේ බරපතලකම මෙන්ම, දිනෙක බලය අත් වුවහොත් යෙදිය යුතු පිළියම් ගැනද ඔබතුමන් මනා අවබෝධයක් අත් කර තිබීම රටේ වාසනාවකි.
සාමාන්‍ය පවුලක ඉපදුනු හෙයින් ඒ හා සමාන බහුතරයක් ලංකාවාසීන්ගේ අවශ්‍යතා අපේක්ෂා සහ හැගීම් ගැන ඔබ අතිශය සංවේදී බව අපට හැගේ. එසේම රටේ පාලන බලය සිය ග්රහණයෙත් තබා සිටි දුෂිත ප්‍රභූ පැලැන්තිය සමගද සමීපව ගැටෙමින් සිටි නිසා ඔවුන්ගේ මානසිකත්වයද ඔබ අධ්‍යයන කරමින් සිටි බවටද සැක නැත. එනිසාම රට ගොඩ ගන්නට කුමක් කළ යුතුද යන කරුණු කාරණා ගැනද ඔබතුමන් හොඳින් දැනුවත් බවටද සැකයක් නැත.
පාලන බලය ලැබුවොත් නීතියේ ආධිපත්‍යය පිහිටුවන බවටද, එවිට ප්‍රතිවිපාක ගැන හෝ කිසිවෙකුගේ තරා තිරම හෝ නොබලන බවටද ඔබ කලක සිටම සහතික වෙමින් සිටියේ ප්‍රධාන ප්රශ්නය වන්නේ නීතියේ ආධිපත්‍යය නැති වීම බව ඔබතුමන් මනාව අවබෝධ කර ගෙන සිටි නිසාය. මාද සාමාන්‍ය පුරවැසියෙකු ලෙසින් මෙන්ම දේශීය අදායම් දෙපාර්’තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස කලක් සේවය කළ කෙනෙකු ලෙසින්ද ඔබතුමන්ගෙන් කාරුණිකව අයැද සිටින්නේ සෑම විටම මාර්’ගෝපදේශ නිර්’ණායකයක් ලෙසින් නීතියේ ආධිපත්‍යයට මුල් තැන දෙන මෙනි.
අද අප රටේ යුක්තිය ඛාදනයට ලක් වී හා බලය අපයෝජනයට ලක් වී දුෂණය සහ අක්‍රමිකතා සීමාව ඉක්මවා ගොස් එහි ප්‍රතිවිපාක ලෙසින් සමාජය අස්ථාවර වී, මානව හිමිකම් උල්ලංඝනය වී, ගැටුම් නිර්මාණය වී, ප්රජාතාන්ත්ර ව්‍යුහය දුර්’වල වී රජය මත වන මහජන විශ්වාසය බිඳී, අවසානයෙහි දැවැත්න සාමාජ ආර්’ථික අර්බුදවලට තුඩු දී ඇත. මෙම සියලු ව්‍යසනවල මූලය අන් කිසිවක් නොව රටේ නීතියේ ආධිපත්‍යය පිරිහීම බව ඔබතුමන් වැන්නෙකුට පුන පුනා කීම අවශ්‍ය නොවේ.
ගරු ජනපතිතුමනි, සියුම් ලෙස නිරීක්ෂණය කළ විට පෙනී යන සත්‍යයක් නම් සිරිලකෙහි නීතියේ ආධිපත්‍යය පිරිහෙන්නට වුයේ 1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව බවයි. ඒ අනුව 1990 පටන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මහජන උද්ඝෝෂණය ඉහළ යමින් තිබෙන්නේ එබැවිනි. සියලුම ජනාධිපති අපේක්ෂකයින්ම පාහේ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනවල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වු නමුත් ඒ කිසිවෙක්වත් බලයට පත් වූ පසු එම පොරොන්දුව ඉටු කළේ නැත. මෙය හේතුව බලයට පත් වු පසු, විධායක ජනාධිපති ක්‍රමය මගින් ලැබෙන අසීමිත බලය අත් හැරීමට ඔවුන්ගේ බල කාමය, ආත්මාර්ථකාමීත්වය සහ ඒකාධිපති වියරුව ඉඩ නොදෙන හෙයිනි.
1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු අන්තවාදය සහ ජාතිවාදය සිඝ්‍රයෙන් වර්’ධනය වීම අහම්බෙන් හෝ අනපේක්ෂිත ලෙසින් සිදු වුවක් නොවේ. එය වනාහි විධායක ක්‍රමය යටතේ එක් තනිපුද්ගලයෙකුට මේසා බලාධිකාරියක් ගොනු කර දීමේ අවිචාරවත් තීරණයේ අපේක්ෂිත ප්රතිවිපාකයක් මිස අන් කිසිවක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔබතුමන් ලබා දුන් සහතිකය එලෙසින්ම ඉටු කරන්නට පියවර ගනු ඇති බව මා සැකයෙන් තොරව දනිමි. එනමුත් මගේ සිතුවිලි එයද අභිබවා ගොස් තවත් වැදගත් කරුණකට යොමු වෙයි. නීතිය ඉදිරියේ සෑම කෙනෙකුම සමානය යන කරුණ තහවුරු කිරීම සියලුම මට්ටමේ සිටින ප්‍රජාව අතර යුක්තියේ සහ සාධාරණත්වයේ හැගීමක් තහවුරු කරනු ඇත.
විශේෂයෙන් මෙරට වාසය කරන සුළු ජන කොටස්වලට තමන් අන් කිසිවෙකුට වඩා දෙවෙනි හෝ පහත් පුරවැසියන් නොවේය යන හැගීම ඇති කිරීමට නම් නීතිය කාටත් පොදු විය යුතුය. එසේ නොමවන කල එම සුළු ජාතීන් සහන පතා විකල්ප එමෙන්ම එතරම් යහපත් නොවන ක්‍රමවේදවලට යොමු වනු වැළැක්විය නොහැකත. සුළු ජාතික දේශපාලන පක්ෂ බිහි වීම, සුළුතර ජනකොටස්වල ප්‍රතිශත අනුව රජයේ රැකියා අවස්ථා මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථා ඉල්ලා සටන් කිරීම ආදි වශයෙන් ජන වර්’ග පදනම් කර ගත් අරගල බිහි වන්නේ මෙවන් වාතාවරණ තුලය. මෙය අත්‍යන්තයෙහි රටේ දේශපාලන, ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයන්ට මග පාදනු ඇත. ඇත්තෙන්ම අප රටේ ඉරණම වුයේද එයමය.
මා මෙහි වචනවලට පෙරලු මගේ සිතුවිලි ඔබතුමන්ගේද ප්‍රකාශිත ස්ථාවර හා සමපාත වන හෙයින් මෙම සුන්දර දේශය ලොව සමෘධිමත් රටක් බවට පත් කළ හැක්කේ හා පත් කිරීමේ සැබෑ ආවේගය ඇත්තේ ඔබතුමන්ට පමණක් බව මා තරයේ විශ්වාස කරමි. සියලු වැසියන්ට සමානව සලකන යහපත් නීතිගරුක පාලනයක් රටේ තිබේ නම් ජනකොටස් අනුව බෙදුනු දේශපාලන පක්ෂ, සමිති, සංවිධාන, පාසැල් ඇතුලු එවැනි කිසිදු ආයතනයක් අපට අවශ්‍ය වන්නේ නැත. දේශයකට මනරම් බවක් ගෙන දෙන විවිධත්වයට හානි කළ හැකි අන්දමින් සංස්කෘතික හෝ ආගමික අනන්‍යතාවයන් සම්පුර්ණයෙන්ම රටින් තුරන් කළ යුතුය යනු මෙහි අදහස නොවේ. එම අනන්‍යතාවයන් තිබෙන අතරම අප සැම ලාංකිකයන්ය’ යන එක්සත් ආකල්පය ප්‍රවර්’ධනය කිරීමට රජය සැම විටම මුල් තැන දිය යුතුය යනුය මා අවධාරණ කරනුයේ. ආන්තික ජාතිවාදය සහ ආගමිවාදය තුරන් වී රට දියුණුවේ මගට පිවිසෙන්නේ එවිටය.
ලක්වාසීන් අඩ සියවසකට අධික කාලයක් බලා සිටි සැබෑ වෙනස යතර්ථයක් බවට පත් කිරීමට ඔබතුමන්ට හැකි බව මගේ පමණක් නොව ඔබට ඡන්දය දුන් -හා දැන් දැන් ඡන්දය නුදුන්- අයගේ පවා විශ්වාසයයි.
කෙටියෙන් කීවොත් මා පතන ශ්‍රී ලංකාවේ මඩකළපුවේ සිටිනු ඇත්තේ ජන හද දිනාගත් සිංහළ දිසාපති කෙනෙකි. මාතර සිටිනු ඇත්තේ ජනාදරයට පත් නීතිගරුක දමිළ පොලිස් අධිකාරිවරයෙකි. යාපනේ සිටිනු ඇත්තේ සැමට සමානව සලකන මුස්ලිම් ආණ්ඩුකාරවරයෙකි. මෙය සාක්ෂාත් වනු ඇත්තේ නීතියේ ආධිපත්‍යයට මුල් තැන දෙන ආදර්ශ පුරුෂයෙක් රටේ විධායකයා බවට පත් වුවොත් පමණි. රටේ භාග්‍යයට එම ධනාත්මක විපර්යාසයිඅනුර කුමාර දිසානායක’ නමින් 2024 සැප්තැම්බර් 22 වන දින සිරිලකට සිදු වු බව මගේ අචල විශ්වාසයයි.
ඔබට ජය ශ්‍රී
මෙයට,
රටට හිතවත්
එන්.එම්.එම්.මිෆ්ලි
විශ්‍රාම ලත් නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්