ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

0
173
NEWSNOW | – හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්’ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී පැවැත්වේ.
අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතය.
ඊට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වනු ඇත.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්’ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.