නේපාලයේ කත්මණ්ඩු වලට බලපෑ ගංවතුරෙන් මියගිය ගණන 190 ඉක්මවයි

0
111
NEWSNOW | – නේපාලයේ සති අන්තයේ පැවති අධික වර්’ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 193 දක්වා ඉහළ ගොස් ඇත.
විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බව බලධාරීහු පැවසීය.
පොලිස් ප්‍රකාශයක් පැවසුවේ තවමත් අතුරුදහන් වූවන් 31 දෙනෙකු සිටින බවත්, පුද්ගලයින් 96 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බොහෝ මරණ සිදුවී ඇත්තේ කත්මණ්ඩු අගනුවර වන අතර එය අධික වර්’ෂාපතනයක් ලැබුණු අතර නගරයේ දකුණු ප්‍රදේශයෙන් වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත.
අයහපත් කාලගුණය නොතකා නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවති.
කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්’ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබේ.
හිමාලයානු කලාපයට පතිත වූ අධික වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්’තා වේ.
කෙසේ නමුත් මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර හිමාල කඳුවැටිය ආශ්‍රිත රටවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.