NEWSNOW| – 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා දෙකක් ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ද එක්ව සිටියේය.
මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වූ බව වාර්’තා වේ.