NEWSNOW| – අද (29) සිට පෘථිවිවාසීන්ට නව අභ්‍යවකාශ අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමිවෙයි.
ඒ මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳකි.
එය පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී එය තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙන් මෙලෙස දැකගත හැකිවේ.
මෙලෙස තාවකාලිකව පෘථිවිය වටා භ්‍රමණ වාර ආරම්භ කරන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් පැවති 2024 පීටී ෆයිව් (PT 5) නම් ග්‍රහකයයි.
පෘථිවි චන්ද්‍රයාට වඩා අතිශය කුඩා මේ තාවකාලික චන්ද්‍රයා අද සිට නොවැම්බර් 25 වැනිදා දක්වා දින 53ක් කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වීමට නියමිතය.
මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන එම දෙවැනි චන්ද්‍රයා දැකගැනීමට හැකිවන්නේ වෘත්තීමය දුරේක්ෂයකින් පමණි.