හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය යයි

0
144

NEWSNOW| – හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි.

බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නායකයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, හිස්බුල්ලා නායකයා මිය ගොස් ඇත්තේ එම ගුවන් ප්‍රහාර අතරතුරය.

එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අතරට තවත් හිස්බුල්ලා ප්‍රධානීන් ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.