මහ මැතිවරණයට ඇප මුදල් තැම්පත් කරන්නෙ මෙහෙමයි

0
166

NEWSNOW| – 2024 මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරා පත් කරගැනීම නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයක් මඟින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කළ යුතු නැහැ.

වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරා ගනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 19කි.

අඩුම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වන 04 දෙනෙකු තෝරා ගනු ලබන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි.

වැඩිම මුදල වන රුපියල් 42,000 ඇප මුදල කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂක කණ්ඩායමක්තැන්පත් කළ යුතුයි.

අඩුම මුදල වන රුපියල් 16,000 මුදල මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙන් තැන්පත් කළ යුතු වේ.