ලෙබනනයට එල්ල වන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින්ට හානියක් සිදුව නැහැ – එරට තානාපති කියයි

0
37
NEWSNOW| –  ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පවසයි.
ඊශ්‍රායලය දාහියේ නගරයේ හිස්බුල්ලා මූලස්ථානයට ඊයේ (27) රාත්‍රියේ දරුණු ප්‍රහාර මාලාවක් එල්ල විය.
ඒ සමග එම නගරයේ එකම ස්ථානයක පිපිරීම් 10ක් පමණ සිදුව තිබේ.
එමෙන්ම ප්‍රහාරයෙන් පසු දුරකථනයෙන් තමා ඇමතූ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ආරක්ෂාව සඳහා වහාම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවාගත් බව තානාපතිවරයා මෙරට මාධ්‍ය වෙත පවසා ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් තානාපතිවරයා ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.