NEWSNOW | – පාසල් වල උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වා ගැනීම වහා නතර කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්’ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම දෙපාර්’තමේන්තු නිලධාරීන් සමඟ ඊයේ(26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහා සාධාරණය ඉටු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක්.අපගේ රජය යටතේ අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්’තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය ඉවත් කිරීමට එම සංවිධාන කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කළ යුතුයි. ගුරු තනතුරු පිරවීම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ යුතුයි.
“රැකියා පුරප්පාඩු විනිවිදභාවයෙන් පිරවිය යුත්තේ මිනිසුන් අතර විශ්වාසය ඇති කිරීමටයි. මට ඉස්කෝලෙ පැත්තෙන් පොඩි යෝජනාවක් තියෙනවා.ඒත් එක පාරක් කරන්න බෑ, ඉස්කෝල වල මානසික සෞඛ්‍ය, මානසික අපහසුතා වගේ ප්‍රශ්න ගැන කියලා තියෙනවා. ඒ සමගම මෙතෙක් ප්‍රමාද වී ඇති සියලුම විභාග ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විභාග දෙපාර්’තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්’තා වේ.