NEWSNOW | – ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිර්’දේශ ලබා ගැනීම සඳහා තක්සේරුකරණය සම්බන්ධ ආචාර්’ය මහාචාර්’යවරුන් ඇතුළත් විද්වත් කමිටුවක් පත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිනිය වන අගමැතිනී ආචාර්’ය හරිනි අමරසූරිය අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දරට ඊයේ (26) උපදෙස් දී තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන ප්‍රශ්න තුන ඉවත් කර එම ලකුණු සෙසු ප්‍රශ්නවලට එකතු කරන්නේද නැතහොත් වෙනත් ක්‍රියාමාර්’ගයක් ගන්නේ ද යන්න එම විද්වත් කමිටු නිර්’දේශ අනුව තීරණය කරන ලෙසත් උපදෙස් දී ඇත.
අගමැතිනිය මෙම උපදෙස් දී ඇත්තේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්’තමේන්තුව පත් කළ පරීක්ෂණ මණ්ඩලයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ පරීක්ෂණ වාර්’තාද මෙම කමිටුවට ඉදිරිපත් කෙරේ.
පිට වී ඇති ප්‍රශ්න තුන ඉවත් කර සෙසු ප්‍රශ්නවලට එම ලකුණු එකතු කිරීමට දෙපාර්’තමේන්තුව කලින් තීරණය කර තිබිණි. ඒ අනුව ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව පවත්වන පරීක්ෂණයේ අතුරු වාර්’තාවක් ලබා ගැනීමෙන් පසුව ය. එහෙත් මෙම විද්වත් කමිටුවේ නිර්’දේශ ඉදිරිපත් කරන තෙක් විභාග උත්තර පත්‍ර ඇගයීම් අත්හිටුවීමට විභාග දෙපාර්’තමේන්තුව තීරණය කර තිබේ.