ලෝක බැංකුවත් නව ජනපතිට සුබ පතයි

0
66

NEWSNOW | – නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කරයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් මෙලෙස සුබ පැතුම් එක් කර ඇත.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ ලංකාවේ වේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්’ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වන බවය.

රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සියල්ල ඇතුළත් වර්’ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද සුබපැතුම් ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත.