NEWSNOW | – පොල්ගොල්ල ජලාශය අද(27) මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතය.
ඒ වසර දෙකකට පසු, සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙනි.
මේ අනුව එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන නිසා මසුන් ඇල්ලීමට හෝ ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම් ධර්’මදාස මහතා ප්‍රදේශ වාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ජලාශයේ ගේට්ටු අනිද්දා පස්වරු 06ට වසා දැමෙන අතර, නඩත්තු කටයුතු නිසා අද(27) මධ්‍යම රාත්‍රියේ සිට පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්’ගයද වසා තැබෙන බව ඔහු පැවසීය.
මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට හෙට අලුයම 01 සිට 30 වන සඳුදා පස්වරු 06 දක්වා පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහනුවර මහනගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන, වළල සහ මාවතගම යන ප්‍රදේශවලටයි.