ජනතාව තැබූ විශ්වාසය අපි රකිනවා – නව අගමැතිනිය කියයි

0
165
NEWSNOW | –  නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්’ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේ කොළඹ ජනාධිපති ලේකම් කාර්’යාලයේදීය ය.
මේ අනුව ඇයට අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, සහ ආයෝජන යන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළාය. “දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්’ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.”