ශ්‍රී ලංකා අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට තමිල්නාඩු ප්‍රාන්තයේ මානවහිතවාදි ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ සුබපැතුම්

0
84
NEWSNOW | – ශ්‍රී ලංකා අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මානවහිතවාදි ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ සුබපැතුම් මෙසේ පළකර ඇත. එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේ දැක්වේ.

උපුටා ගැනීම

දකුණු ආසියාවේ සුන්දර දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් සියයට  42.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් වාමාංශික පසුබිමක් ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර ඇත.
ඔහු මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ පළමු වටයේ ඡන්ද හා මනාපවලින් පෙරමුණ ගනිමිනි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කළ නමුත් ප්‍රධාන තරගය තිබුනේ අනුර දිසානායක සහ ප්‍රධාන ප්‍රතිවාදියා වු සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වුනු සජිත් ප්‍රේමදාස අතරය.
අනුර දිසානායකගේ මෙම ජයග්‍රහණය සලකනු ලබන්නේ ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂෙත්‍රයේ සැබෑ වෙනසක් දැකීමට ජනතාවට තිබිනු දැඩි ඕනෑකමේ විජයග්‍රහණයක් ලෙසිනි.
සංවිධාන 27 ක් සහ සහ කුඩා පක්ෂ කිහිපයක සහය සහිතව ජාතික ජන බලවේගය නම් සන්ධානයක් මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු අනුරගේ සටන්පාඨය පදනම් වුයේ ‘වෙනස එකම තීරණයයි’ යන තේමාව මතය. තමා ජය ගතහොත් “සෞභාග්‍යමත් රටක් – සුන්දර ජීවිතයක්’ සහතික කරන ආකර්’ශනීය පොරොන්දුව නිසා ඔහුගේ සාර්’ථකත්වය යතාර්’ථයක් විය.
මේ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ලංකා තමිලරසු පක්ෂය, වතුකර දමිල පෙරමුණ වැනි දමිළ හා මුස්ලිම් පක්ෂ විපක්ෂ නායක සජබ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කළහ.
ප්‍රගතිශීලි අදහස් දරන්නෙකු යයි ප්‍රකට හා අවසාන ජනධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග වදිමින් ඡන්ද ලක්‍ෂ 23 ක් පමණක් ලබා තෙවන ස්ථානයට පත් විය. අත්දැකීම් බහුල හා කෘතහස්ත දේශපාලඥයෙකු බවට ප්‍රකට රනිල්ගේ පරාජයට ප්‍රධාන හේතුව වුයේ පුළුල් ජනතා අප්‍රසාදයට ලක්ව සිටින රාජපක්‍ෂ පවුලට ඔහු මෑත කාලීනව සමීප වීමයි.  පක්‍ෂ නායක ඩග්ලස් දේවානන්දගේ මෙන්ම දමිළ ජනතා නිදහස් කොටි සංවිධානයේ සහයද රනිල් වික්‍රමසිංහට ලැබුණි.
මේ අතර ජාතිකවාදී පක්‍ෂයක් මෙන්ම සිංහළ, දමිළ හා මුස්ලිම් ජනකොටස් අතර භේදය ඇවිලවීම මගින් බලය තහවුරු කිරීමට කවදත් කටයුතු කළ පොහොට්ටුව යයිද ප්‍රකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් පළමු වරට තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් නාමල් රාජපක්‍ෂ අන්ත පරාජයට පත් වෙමින් සිව්වන ස්ථානයට පත් විය. ඔහුට මනාපය දැක්වුයේ ඡන්ද දායකයන්ගෙන් සියයට තුනක් පමණි. මේ අතර පස් වන ස්ථානය හිම කර ගත්තේ ඇතැම් දමිළ සංවිධාන මගින් ඉදිරිපත් වු පාක්‍යසෙල්වම් අරියේන්ද්‍රිරන්ය.
අභිනව ජනාධිපතිවරයාට අපගේ මානව හිතවාදි ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂය වෙනුවෙන් සුබ පැතුම් පළ කර සිටිමු. අප රටේ වාසය කරන සිංහළ, දමිළ හා මුස්ලිම් ජනකොටස් අතර සමගිය හා සමානතාවය තහුවරු කිරීමේ දැවැන්ත වගකීමද අනුර දිසානායක ජනාධිපතිවරයාට පැවරී ඇත.
මෙම ජය වනාහී සියවසක සිහිනයක් යයිද සිංහළ, දමිළ හා මුස්ලිම් සමගිය තම පදනම බවත් සැවොම එක්ව අනාගතය ගොඩනැගිය යුතුය යයිද අනුර දිසානායක විසින් සිදු කර ඇති ප්‍රකාශය අපට බලපෛාරොත්තු ඇති කරයි.
නව ජනපතිවරයාට අපගේද ආයාචනාව වන්නේ වර්’ගවාදී ප්‍රශ්න නිරාකරණය කර සාමය සහ නීතියේ ආධිපත්‍යය රජ කරන ආර්’ථික සමෘධිය සහිත දේශයක් බවට සිරිලක නගා සිටුවිය යුතු බවයි.
එමෙන්ම ඉන්දියාව සමගද ඔහු සුහදව කටයුතු කරනු ඇතය යනු අපගේ තවත් අපේක්‍ෂාවකි. විශේෂයෙන් ඉන්දු ලංකා සාගර කලාපය තුල නිතර ප්‍රහාරවලට ලක්වන තමිල්නාඩු ධීවරයන්ගේ සුබසාධනය වෙත නව ජනාධිපතාවරයා තම අවධානය යොමු කරනු ඇත යයි අප විශ්වාස කරමු.
මෙයට
මු තමිමුන් අන්සාරි
මානවහිතවාදි ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂ නායක

උපුටා ගැනීම අවසන්.