මෙරට තුන්වැනි අගමැතිවරිය ලෙස ආචාර්’ය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

0
162
NEWSNOW | – නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්’ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මීට පෙර එම තනතුර දරා තිබුණි.
2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස පාර්’ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්’යවරියක් ලෙස සේවය කළාය.