ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව ජනපති සමඟ වැඩ කිරීමට සූදානම්

0
144
NEWSNOW | – මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්’ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්’ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමග සාකච්ඡා කරන බවද සඳහන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 වසරේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සැපයීය. එය මාස 48ක වැඩසටහනකි.