Home TOP නව කැබිනට් මණ්ඩලය පත් කිරීම අද?
NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පත්වන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්’තා වේ.
මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්’ග සඳහන් කරයි.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්’ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරු තිදෙනෙකු පාර්’ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව පාර්’ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.
කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්’ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්’ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්’ග සඳහන් කළේය.