ඡන්ද කාඩ්පත් නොලැබුණු අයට මාර්’ග ගත ක්‍රමයට ඡන්ද කාඩ්පත ලබාගන්න අවස්ථාව

0
221
NEWSNOW | – ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයන්ට තම ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි මාර්’ගගත ක්‍රමයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වාදී තිබේ.
ඒ අනුව https://eservices.elections.gov.lk/pages/home.aspx සබැඳිය ඔස්සේ ඡන්ද කාඩ්පත් නැරඹිය හැක.
තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට වලංගු හැඳුනුම්පතක් භාවිතා කරමින් නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
තවද තවමත් තැපැල් මඟින් ඡන්ද කාඩ්පත් නොලැබුණු ඡන්දදායකයන්ට ඔවුන්ගේ භාරදීමේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රාදේශීය තැපැල් කාර්’යාල වෙත දන්වා තිබේ.