NEWSNOW| – අල් ජසීරා වෙනුවෙන් සරෝජා පතිරණ ලියූ ලිපියක් ඇසුරිනි
පසුගිය පෙබරවාරි මස ඉන්දියාවෙන් ලැබුනු ආරාධනාවක් අනුව එරට විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් හමුවන්නට අනුර කුමාර දිසානායක නව දිල්ලියට ගියේය. අනුර වැන්නෙකුට ඉන්දියාව වැනි රටකින් සිදු කළ මෙම ආරාධනාව වනාහි සියල්ලන්ම පුදුමයට පත් කළ එකකි. මන්ද යත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආසන 225න් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ආසන තුනක් පමණි. එපමණක් නොව මාක්ස්වාදී පදනමක් තිබෙන එම පක්ෂය ඉන්දියාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනය වෙත වැඩි නැඹුරුවක් දැක්වු පක්ෂයකි.
ජව්පෙ පාර්ලිමේන්තුවේ අවශේෂ පක්‍ෂයක්ව තිබුණද ගත වුනු මාස කිහිපය තුළ අනුරට ලැබී තිබෙන දීපව්‍යාප්ත පිළිගැනීම විශ්මයජනකය. ලාංකිකයන් පමණක් නොව මහා බලගතු ඉන්දියාව ද වත්මන් වාතාවරණය තුළ අනුර යනු සුළු කොට සැලකිය යුතු පුද්ගලයෙක් නොවේ යයි සිතන බවක් පෙනේ. මෙයට හේතුව එළඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනුර ජය ගැනීමේ ඉඩ කඩ අතිශය ඉහළ බව විවිධ සමීක්‍ෂණ වලින් පෙනී යාමයි.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් 38 ක් සිටින නමුත් කථාබහට ලක්ව ඇත්තේ අතළොස්සක් පමණි. හිටපු ජනාධිපතිවරුන් වන නැසී ගිය රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාපක්‍ෂ ආදීන්ගේ පුතුන් වන සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ හා තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන නැසී ගිය ජේ. ආර්. ජයවර්’ධනගේ බෑණන්ඩිය වන වත්මන් ජනාධිපති රනිල් විකුමසිංහ ඔවුන් අතර ප්‍රධානය.
ඉදිරියෙන්ම සිටින අනුර දිසානායකට මෙවන් ප්‍රබල දේශපාලන පවුල් පසුබිමක් නැති අතර එයට අමතරව දැන් ඔහු පාලනය ඉල්ලා සිටින එවන් නීත්‍යානුකූල රජයන් පෙරලන්නට අවිගත් අරගල දෙකක්ම ඔහු අතීතයේ මෙහෙයවා ඇත. කෙසේ වෙතත් ඒ කිසිවක් බහුතරයක් ලාංකිකයන් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.
අනුරගේ පක්‍ෂය සහ දැන් ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගය වෙත මහජන අවධානය යොමු වන්නට වුයේ 2022 වකවානුවෙහි රටට ඇති වුණු ඛේදජනක තත්වයත් සමගමය. තෙල් ගෑස් සඳහා සති ගණන් පෝලිම්වල රැඳී සිටින්නටද ඇතැමුන්ට එහි මැරී වැටෙන්නට පවා සිදු වු අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකටම උග්‍ර හිගයක් ඇති වී තවත් භාණ්ඩවල මිල සමග උද්ධමනයද අහස උසට නැගුනේය. එයත් සමග රටපුරා රජයට විරුද්ධව උද්ඝෝෂණ ඇති වී පසු එය කොළඹ ගාලු මුවදොර ‘ අරගලය ‘ නමින් දැවැන්ත මහජන විරෝධයක් බවට පිපිරී නැවතුනේ එවකට බලයේ සිටි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති පුටුවෙන් පමණක් නොව රටින්ම පළවා හැරීමෙන් සහ අගමැතිව සිටි ඔහුගේ අයියන්ඩි මහින්ද රාජපක්ෂවද එම තනතුරෙන් නෙරපීමෙන් පසුවය.
ජවිපෙ ඇතුලු කිසිදු දේශපාලන පක්‍ෂයක් අරගලයේ සාඩම්බරය තමන්ට නතු කර ගන්නට උත්සාහ නොකළ නමුත් අරගල කරුවන් සමග සමීප වෙමින් වැඩ වර්ජන සංවිධානය කිරීම ඇතුලූ විවිධ ආකාර වලින් සහය දක්වමින් ජවිපෙ අරගලයේ ප්‍රධාන තැනක් හිමි කර ගන්නට පසුව සමත් විය.
එමෙන්ම මහින්ද අයිය මලෝ පැන යාම නිසා පාලන තන්ත්‍රයෙහි ඇති වුනු හිදැස්ස සහ අරාජික බව මගින් ඇවිලුනු මහජන උදහස මනාව හසුරවා ගත් ජවිපෙ, සමාජ සාධාරණත්වය ඇති හා දුෂනයෙන් තොර සැබෑ වෙනසක් ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයෙහි ඇති විය යුතුය යන මතය මත ජනතාව පෙළ ගැස්වීමටද නායකත්වය දුන්නේය. මේ අනුව ලංකා දේශපාලන චිත්‍රයෙහි මුල්ලක සිටි ජවිපෙ සහ අනුර මාස කිහිපයකින්ම මුල් පෙළේ භූමිකා බවට පත් වුහ.
අනුර ගැන අල් ජසීරා මාධ්‍ය ආයතනයට අදහස් දැක්වූ ප්‍රකට ලිපිකරුවෙකු මෙන්ම දේශපාලන විචාරකෂයෙකුද වන ගාමිණි වියංගොඩ ‘අනුර අවංක හා පවතින ක්‍රම වේදය වෙනස් කිරීමේ අව්‍යාජ වෑයමක නිරත වන්නෙක් ‘ ලෙස තමන්ට හැගෙන බව පැවසීය. එනේම දුෂණය තුරන් කරන බවට අනුර දෙන සහතිකය ඔහුට සාක්‍ෂාත් කර ගන්නට හැකි වුවද නොවුවද ඔහු එම සහතිකය ලබා දෙන්නේ හෘදයාංගවම බව තමන්ට විශ්වාස යයිද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නගන පුරවැසි බලය නම් වන සිවිල් සංවිධානයේ සම කැඳවුම්කරුද වන වියංගොඩ වැඩිදුරටත් පැවසීය.
කැරළිකරු භූමිකාවේ සිට විරුවෙක් ලෙසට….
දැනට 55 වියේ පසුව වන අනුර කුමාර දිසානායක උපත ලැබුවේ කොළඹ අගනුවර සිට කි.මි. 177 ක් ඈතින් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි තඹුත්තේගම ගම්මානයෙහිය. පසුව ඔහු කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධියක් ලබා ගත්තේය. අධ්‍යාපනය ලබන තරුණ වියේ සිටම ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වී සිටි අතර ඔහු එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ඨ වුයේ 2000 වසරෙහිය. පසුව 2014 වසරෙහි ජවිපෙ නායකයා බවට අනුර පත් වු අතර එවක පටන් එම පක්ෂයට තිබෙන ප්‍රචණ්ඩත්වයේ පරණ කැළල මකා දමන්නට ඔහු දැඩි උත්සායක නිරතවිය.
1971 වසර සහ අසුව දශකයේ පශ්චිම භාගයෙහි ජනතා විමුක්ති පෙරමුණ විසින් මාක්ස්වාදී මුහුණුවරෙන් යුත් අවිගත් කැරළි දෙකක්ම සිදු කරන ලද අතර අධිරාජ්‍යවාදි හා ධනවදී මුලධර්ම සහිත යයි චෝදනා නගමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්’ධනගේ පාලනය පෙරලා දමන්නට ජවිපෙ අවසන් වරට සිදු කළ සටන ලාංකේය ඉතිහාසයේ වැඩියෙන්ම ජීවිත බිලිගත් කුරීරුම සටන විය.
දේශපාලනඥයන්, වියතුන්, වෘත්තීය සමිති ප්‍රධතීන් ඇතුලුව තම මත වාදයට විරුද්ධ වන්නන් දහස් ගණනින් ජවිපෙ සටන්කාමීන් ඝාතනය කළ අතර එයට අමතරව නොනිල ඇඳිරි නීති පැනවීම, රජයේ දේපළ විනාශ කිරීම සහ කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම මෙන්ම වැඩවර්ජන ආදියද දිවයින පුරා ජවිපෙ විසින් සංවිධානය කරන ලදී. ජවිපෙ ප්‍රචණ්ඩත්වය මර්’ධනය කරන්නට රජය ගත් දැඩි හමුදාමය පියවර මගින් එවිට ජපපෙ නායකයාව සිටි රෝහණ විජයවීර සහ ප්‍රධාන පෙළේ සාමාජිකයන්ද ඇතුලුව හැට දහසක් පමණ තරුණ තරුණියන් ඝාතනය වුහ.
ජවිපෙ දේශපාලන බලමණ්ඩලයට අනුර පත් වූයේ එම අවිගත් සටන පරාජය වීමෙන්ම පසු හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයට තමන්ද පිවිසිය යුතුය යයි ජවිපෙ තීරණය කිරීමෙන් අනතුරුවය.
2014 මැයි මස ජවිපෙ නායකයා බවට අනුර පත් වී නොබෝ දිනකින්ම බිබිසී පුවත් ආයතනය සමග පැවති සංවාදයකදී සිය පක්‍ෂයේ අතීත අපරාධ වලට අනුර සමාව ගත් අතර ජවිපෙ සාමාජිකයෙක් පක්‍ෂයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමාව ඉල්ලූ පළමු හා මේ දක්වා වන අවසාන අවස්ථාව එය විය. එසේ සමාව අයැදීම ගැන පසුව පක්‍ෂයේ සාමාජිකයන් මෙන්ම වාමාංශිකයන් කිහිප දෙනෙකුම සිය නොසතුට පළ කළ හෙයින් එවක් පටන් පක්‍ෂයේ අතීතය ගැන අදහස් දක්වන විට කට නොවරදවා ගන්නට අනුර සැලකිලිමත් වනු දැකිය හැකිය.
කෙසේ වෙතත් ජවිපෙ අතීතය එහි සාමාජිකයන්ගේ මෙන්ම මිනිසුන්ගේ සිත්වලද නොකඩවා හොල්මන් කරන බවට නම් සැකයක් නැත. එසේම ජවිපෙ ප්‍රචණ්ඩත්ව සමයෙහි ප්‍රේමදාස ජනාධිපති යටතේ මුල් පෙළේ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපති රනිල්ට එරෙහිවද ජවිපෙ සාමාජිකයන්ට වධ හිංසා කළ හා ඝාතනය කළ චෝදනා නැත්තේ නොව. මේ අනුව 2024 ජනාධිපතිවරණයට තරග වදින දෙදෙනෙකුගේම දෑත්වල ලේ තැවරී තිබීම හා එය පිසදා ගන්නට ඔවුන් දෙපළ තියුණු වෑයමක යෙදී සිටීමද මෙවර විශේෂත්වයකි.
කෙසේ වෙතත් ප්‍රචණ්ඩ සමයෙහි ජවිපෙ ඉලක්ක බවට සිටි වියතුන්, කලාකරුවන්, විශ්‍රාම ලත් ආරක්‍ෂක අංශවල නිලධාරීන්, වෘත්තීය සමිති සාමාජීකයන් ආදීත්ව වර්තමානයෙහි තමන් වෙතට නැඹුර කර ගන්නට අනුර සමත් වී සිටින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. දූෂණය තුරන් කිරීමේ සහ හොරුන්ට ජම්පර් ඇන්දවීමේ ජවිපෙ සටපාඨයෙන් එතරම්ම ජනතාව ආකර්ශනය වී සිටිති.
අතීතය සිහිපත් කරමින් ජවිපෙ සාමාජිකයන්ට කොතෙකුත් මඩ ගැසීම සාධාරණ නොවන්නේය යයි වියංගොඩ අදහස් දක්වයි. මන්ද යත් “අප අද දකින ජවිපෙය අසූව දශකයේ තිබුණු ජවිපෙ නොවේ’ යනු ඔහුගේ ස්ථාවරයයි.
මෙම විශ්වාසය සැප්තැම්බර් 21 වන දින දීප ව්‍යාපත් විය යුතුය යනු අනුරගේ පැතුම් වනවාට සැකයක් නැත. මන්ද යත් අනුර හා ජනපති පුටුව අතර ඇති එකම බාධකය එම අමිහිරි අතීත හංවඩුවයි.
පොදු අපේ කතාවද වන්නේ, 1948 නිදහස ලැබු කාලයේ පටන් මාරුවෙන් මාරුවට බලය අත් කර ගනිමින් හා රට සූරා කමින් අත්‍යන්තයෙහි රජය බංකලොත්ම කර දැමූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ශාඛාවල ග්‍රහණයෙන් රට මුදා ගැනීමට අනුරට හැකි විය යුතුය හා හැකි වනු ඇති බවයි.
සිංහළ බෞද්ධ ජාතිවාදය
අරගලයෙන් පසු ප්‍රධාන මාතෘකාව බවට පත් වු දූෂණය තුරන් කිරීමේ කටයුත්තට සමස්ත ජාතියම එක් කඳවුරකට ගෙන එමේ අනුරගේ මෙහෙයුමට බාධාවක්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පරණ අවතාර පමණක් නොවේ. ලංකාවේ කටයුතු වලට ඉන්දියාව හොට දැමීමට ජවිපෙ කවදත් විරුද්ධ වු පක්‍ෂයකි. කොටි බෙදුම්වාදීන් නිසා 1980 -2009 වකවානුවෙහි වසර තිහක් පමණ මෙහි පැවති විනාශකාරී ගැටුම සඳහා කොටින්ව උසි ගැන්වුයේ සහ ඔවුන්ට ඉන්ධන සැපයුවේ ඉන්දියාව යනු ජවිපෙහි තිර විශ්වාසයයි.
එනමුත් 1987 සිට 1990 දක්වා කොටින් සමග සටන් කරන්නට අපගේ හමුදාවට සහය පිණිස සිය හමුදාව එවීමට ඉන්දියාව කටයුතු කළේය. ඒ සමගම බෙදුම්වාදි ගැටුම අවසන් කරන්නට නම් ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය නම් වු සංශෝධනයක් ව්‍යවස්ථාවට එක් කළ යුතුය යයිද ඉන්දියාව අවධාරණය කළේය. මෙම සංශෝධනය මගින් උතුරු නැගෙනහිර පළාත් සභා වලට යම් පමණකට හෝ බලය බෙදී යනු ඇති හෙයින් බෙදුම්වාදි උද්වේගවලට ආකල්පයට එය තිත තබනු ඇත යයි ඉන්දියාව පෙන්වා දුන්නේය. අතීතයෙහි තමන්ම අවි ගත් අරගලයක් රජයට විරුද්ධව ජවිපෙ දියත් කළ නමුත් කෙටින්ගේ එම සටනට ජවිපෙ විරුද්ධ වුයේ එය රට වෙන් කිරීමේ ඉලක්කයෙන් යුතූ වු නිසාය. අවාසනයෙහි කොටින්ව පරාජයට පත් කරන්නට දැඩි හා තීරණාත්ක පියවර ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජයට ජවිපෙ සහය ලබා දුන්නේ මෙම ස්ථාවරයේ පිහිටාය.
මේ අතර නීතියට පරිභාහිරව සිදු කරන ලද මිනිස් ඝාතන, රෝහල් ඇතුලු සිවිල් ඉලක්කවලට බෝම්බ හෙළීම, බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදහන් කරවීම, වධ හිංසා පමුණවීම, ලිංගික අඩත්තේට්ටම්, මානුෂීය ආධාර වලට බාධා ඇති කිරීම ඇතුලත්ව යුධ සමයෙහි ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ විසින් සිදු කරන ලද යුධ අපරාධ සම්බන්ධව පරීක්‍ෂන පවත්වන මෙන් දමිළ කොටස් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද ජගත් සංවිධාන වලට බොහෝ කලක පටන් බල කරමින් සිටිති. එනමුත් එවන් විමර්ශන සිදු කිරීමට හෝ අදාල පුද්ගලයන්ට දඩුවම් පමුණවීමට ජවිපෙ මුල් කර ගත් ජාතික ජන බලවේගය යටත් පිරිසෙයින් ප්‍රතිමත්තිමය වශයෙන් හෝ උනන්දුවක් දක්වා නැත. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ සිදු කළා සේ යුධ සමයෙහි ඇත්තෙන්ම සිදු වුයේ කුමක්දැයි සොයා බැලීමට කොමිසමක් පත කරනු ඇත යයි අනුර පවසා ඇත.
මේ අනුව ඒකීය රජ්‍යයක් සම්බන්ධව අනුර පිළ ස්ථිරව සිටින බවද 13 වන සංශෝධන ගැන ඔවුන් පැහැදිලි ස්ථාවරයක් දක්වා නැත යයිද දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පවසයි
1987 වසරෙහි ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය එක් කළ සමයෙහි සිට අද දක්වා එය පුර්’ණ ලෙසින් ක්‍රියාතමක කරන නොලදී. එමගින් පොලිස් සහ ඉඩම් සම්බන්ධ බලතල බෙදීම සිදු කළ යුතු නමුත් එය ක්‍රියාත්මක කිරීමට එවක්පටන් බලයට පත් වු කිසිදු ජනාධිපතිවරයෙක් කටයුතු කළේ නැත. මෙයට ප්‍රධාන හේතුව නම් එම බලතල භාවිත කරමින් උතුරු නැගෙනහිර තනි රාජ්‍යයක් පිහිටුවා ගන්නට දමිළ බෙදුම්වාදීන් ක්‍රියා කරනු ඇතිය යන සැකය ළග
අනුරගේ ‘ඒකීය රාජ්‍යය‍් ස්ථාවරය ගත් කල එය හුදුවේ ඔහුගේ සිංහළ බෞද්ධ ජාතිකවාදයේ පිළිබිඹුවක් මිස එහි කිසි ප්‍රජාතාන්ත්‍රික ආකල්පයක් නැතය යයි පෙරේරා පවසයි. එපමණක් නොව අනුර කිසිවිටෙක ප්‍රසිද්ධියේ වාර්ගික අන්තවාදය හෙළා දැක නැත යයිද ඔහු පෙන්වා දෙයි.
වියංගොඩ පවසන ආකාරයට රෝහණ විජයවීර විසින 1968 වසරෙහි ජනතා විමුක්ති පෙරමුණ පහිටුවන ලද්දේ ජාතිවාදි පක්ෂයක් ලෙසින් වන අතර එය තම අනන්‍යතාවය සිංහල බෞද්ධ මතවාදය සමගම පෙළගවා තිබුනි. එමෙන්ම ජවිපෙ සාමාජිකයන්ගේ කථා වලින්ද එම පක්‍ෂයේ ප්‍රධාන යොමුව බහුතර ජනවර්ගයේ එනම් සිංහළ ජනයාගේ- සුබසාධනය ටව පැහැදිලිවම පෙනෙන්නට තිබුනි. මේ අනුව අධිරාජ්‍ය විරෝධී සහ ප්‍රභූ විරෝධී ආකල්පයක් ප්‍රදර්ශනය කරමින් ග්‍රාමීය තරුණ සිංහළ බෞද්ධයන්ගේ යුගයෝනය ලබා ගන්නට ජවිපෙ කටයුතු කළේය.
වෙළඳ ආර්ථික ප්‍රවේශය
කෙසේ වුවද ජනාධිපතිවරණයක් අභියස සිටින ශ්‍රී ලංකාවට වර්තමානයෙහි රටේ ආර්ථිකය තරම් කිසිදු කාරනාවක් වැදගත් නැත. පසුගිය 2022 අප්‍රේල් මස නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට විදේශ ණය වාරිකයක් ගෙවීම පැහැර
හැරීමට සිදු වන බව රජය ප්‍රකාශ කළේය. මෙය වනාහි වකුව රට බංකලොත් යයි පිළිගැනීමකි. එම තත්වයට මුහුණ දෙන
විට බලයේ සිටි ගෝඨාභය රජපක්‍ෂ රටින් පළා යාම නිසා හිස් වූ ජනාධිපති තනතුර රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලද අතර
ඔහු වහා ක්‍රියාත්මක වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වා විශාල ණය මුදලක් ලබා ගන්නට සමත් විය.
පසුව එය උපයෝගී කරමින් රටේ ආරථිකය නැවතත් නිසි ගමන් මගට යොමු කරන්නට දැවැන්ත උත්සාහයක රනිල් යෙදුනේය.
රනිල් වික්‍රමසිංහගේ වෑයම ඇතැම් කොටස් විසින් ප්‍රශංසාවට ලක් වු නමුත් එවකට ජවිපෙ පැවසුවේ තමන් බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ලිහිල් කර රට වැසියන්ට යම් සහනයක් ලබා දීමට තමන් පියවර ගන්නා බවයි.
විකුමසිංහ රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමෙන් පසු අරමුදලේ නිර්දේශ පරිදි බදු වැඩි කරන්නට ද රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහ ගත කරන්නට මෙන්ම ඒවාට ලබා දෙන සහන සහ සුබසාදන කපා දමන්නටද පියවර ගත් අතර එනිසා ජීවන වියදම ඉහළ නැගුනි. මෙහි ප්‍රතිවිපාකයක් ලෙසින් ඉන්ධන මිල හා විදුලිබල ගාස්තූ පහළ හා මධ්‍යම ආදායම් ලබන ප්‍රජාවට දරා ගන්නට නොහැකි ලෙස වැඩි විය.
මේ අතර අදහස් දැක්වු විවෘත ආර්ථික සංකල්පය පඬු වර්ධනය කරන ඇඩිඩ්‍රොකොටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු අදහස් දක්වමින් අනුර දිසානායකගේ වත්මන් ස්ථාවරය. ඔහුගේ සාම්ප්‍රදායික සමාජවාදී ස්ථාවරයෙන් බොහෝ දූර ඈත් වුවකි යයි පෙන්වා දෙයි.
දැන් අනුර ආනයන බදු සරළ කළ යුතුය යයිද ව්‍යාපාර පරිසරය වැඩිදුයුණු කළ යතුය හා දුෂණය අවම කරමින් බදු කළමනා කරණයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දී වර්ධනයේ යාන්ත්‍රනය ලෙස පුද්ගලික අංශය ස්ථාන කර ගත යුතුය යයිද අවධාරණය කරමින් විවෘත අර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින්නේය යයි අල් ජසීරා මාධ්‍ය ආයතනයට අදහස් දක්වමින් ප්‍රනාන්දු ප්‍රකාශ කළ අතර ‘කෙසේ වෙතත් ණය ප්‍රතිවයුහගතකරණය සම්බන්ධ නම් අනුරගේ ස්ථාවරය ව්‍යාකූලවම පවතින නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන සමග නොවෙන්සව රැඳී සිටින බවටද අනුර ඉගි කරනු දැකිය හැකිය’ යයි කීය.
මේ අතර වාමාංශික ආයතනයක් වන දේශපාලන ආර්ථික ආයතනය අවධාරණය කරන්නේ ආර්ථිකය යතා තත්වයට ගෙන
ඒම සහ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම උදෙසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම නැවත සාකච්ඡා කර සංශෝධන කළ යුතු බවයි. තවද දැනට ඇති කොන්දේසි විශිෂ්ඨ චර්යා සමග නොගැලපෙන අතර රටේ ආර්ථික යහපත මෙන්ම සමාජ යහපැවැත්මට දැඩි අවදානම් ඇති කරනු ඇත යැයිද අම ආයතනය අනතුරු අගවයි.
එමෙන්ම කවුරුන් බලයට පත් වුවද ඔහුගෙන් ‘ සැලකිය යුතූ ණය අවම කිරීම, තාත්වික මුල්‍ය ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ ස් ස්වෛරී බවට ගරු කරන ආර්ථික ප්‍රතිපත්ති ආදිය තිරසාර වර්ධනයට අවශ්‍ය පදනම නිර්මාණය කරනු ඇත යන කාරනා සිහි තබා ගත යුතූය’ යයි ඉල්ලා සිටියි
මෙම ඉලක්ක වෙත හඹා යාමේ හැකියාව අනුර කුමාර දිසානායක සතුව තිබෙනවාද හා ඡන්දදායකයන්ට අවශ්‍ය වන්නේ එයද?
සැප්තැම්බර් 21 න් පසු මෙම පැණවලට පිළිතුරු ලැබෙනු ඇත
මුලාශ්‍රය: අල් ජසීරාෂ කල