නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තවමත් නොලැබුණු අයට දැනුම් දීමක්

0
184

NEWSNOW | –  නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු පුද්ගලයන් හට තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

ඒ මේ දක්වා ඔබ වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් ලබයි.

තැපැල්පති ආර්. පී. සත්කුමාර සඳහන් කළේ දීර්ඝ නිවාඩුවක් එළඹීම හේතුවෙන් තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුවන බවයි.

කෙසේවෙතත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කෙරුණි.