Amnesty International වෙතින් පාකිස්තාන රජයට චෝදනාවක්

0
1

එළඹෙන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර, පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ PTI පක්ෂ ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව Amnesty International සංවිධානය පාකිස්තාන රජයට දැඩි ලෙස චෝදනා කරයි.

මෙය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සාමකාමීව රැස්වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වාදෙන එම සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයා, විරෝධතාවක් ආරම්භ වීමටත් පෙර එය ප්‍රචණ්ඩකාරී එකක් ලෙස හමුදාව හා පොලිසිය ලවා වර්ගීකරණය කිරීම අසාධාරණ බව සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම් මත අත්අඩංගුවට ගත් සියලු දෙනා වහාම නිදහස් කරන ලෙස ද Amnesty International සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here