මාරක රිය අනතුරින් මිය ගිය ගණන 5 දක්වා ඉහළට [UPDATE]

0
131

[UPDATE_NOW] |  – යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ පණ්ඩිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වව්නියාව සිට පේදුරුතුඩුව දක්වා ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය සහ වෑන් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය.

තුවාල ලැබූවන් කඩිනමින් වවුනියාව මහා රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

ගිනි ගත්  බස්රථය සහ වෑන් රථය වව්නියාව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව නිවා දමා තිබේ.


NEWSNOW | COLOMBO – මහනුවර-යාපනය ඒ -9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තෙයි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අනතුරින් පසු බස් රථය ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.