මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම කාලසීමාව තුළ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.
මේ අතර, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වී දෙසැම්බර් 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතය.

