අ. පො. ස. සාමාන්‍ය පෙළ උපකාරක පන්ති ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

0
2

​

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

​විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම කාලසීමාව තුළ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

​මේ අතර, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වී දෙසැම්බර් 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here