මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම පිළිබඳව පාකිස්ථානය, සෞදි අරාබිය සහ තුර්කිය අතර විශේෂ සාකච්ඡාවක්

0
2

සෞදි අරාබියට එල්ල වන හූති ප්‍රහාර සහ ගල්ෆ් කලාපයේ සෙසු රටවලට ඉරානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ පාකිස්ථානය, සෞදි අරාබිය සහ තුර්කිය අතර විශේෂ ආරක්ෂක සාකච්ඡාවක් අද (27) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වේ. මෙම රටවල් තුන අතර පවතින ‘මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම’ (Mecca Joint Defence Agreement) සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු 07 වැනිදා අදාළ ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව මෙම රටවල් තුනෙහි ඉහළ පෙළේ නිලධාරීන් එක්ව සාකච්ඡා පවත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ. එම ගිවිසුමේ ප්‍රකාරව, සාමාජික රටවල් තුනෙන් ඕනෑම එක් රටකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ පොදු ප්‍රහාරයක් ලෙස සලකනු ලබයි.

මේ අතර, ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම සඳහා තවදුරටත් අවකාශ පවතින පසුබිමක, මෙම ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here