එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව එම කාර්යාලය සිය ‘X’ (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ නිවේදනය කර තිබේ.
අමෙරිකානු ‘තුති පිදීමේ දිනය’ (Thanksgiving Day) නිමිත්තෙන් මෙම නිවාඩු දින ක්‍රියාත්මක වන අතර, නොවැම්බර් 30 වැනි සඳුදා දින සිට තානාපති කාර්යාලයේ සියලුම කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

