දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ප්‍රකාශයට පත් කෙරුණු අමෙරිකානු ඩොලර් මිලියන 450ක පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පැකේජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ හමුවක් පවත්වා තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ තාවකාලික හා ස්ථිර පාලම් ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් ලබා ඇති සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයම සිය ප්‍රසාදය පළ කළහ. එමෙන්ම, නිවාස ප්‍රතිසංස්කරණ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මීට අමතරව, ඉන්දීය ණය පහසුකම් යටතේ වාහන මිලදී ගැනීම සහ පශු සම්පත් සැපයීමට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ බව සඳහන් වේ.

