මොණරාගලදී මගීන්ට ආචාර කරමින් පාර මාරු වූ තනි ඇතා සහ අලියා.

0
10

මොණරාගල, කුඹුක්කන් ඔය ආසන්නයේ වැල්ලවාය-මොණරාගල ප්‍රධාන මාර්ගය හරහා ගමන් කළ තනි ඇතෙකු සහ තවත් අලියෙකු, මගීන් දෙසට හොඬවැල ඔසවමින් සුබ පතන ආකාරයේ දුර්ලභ සිදුවීමක් කැමරා කාචයේ සටහන් වී තිබේ.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ එම සතුන් දෙදෙනා පාර අයිනේ වූ වැටකින් පැන ප්‍රධාන මාර්ගයට පිවිසෙන ආකාරයයි. මාර්ගය හරහා ගමන් කරන අතරතුර, අසල සිටි පිරිස දෙසට තම හොඬවල් ඔසවා ආචාර කරන අයුරු දැකගත හැකි වූ අතර, එය නරඹන්නන්ට අමතක නොවන මතකයක් එකතු කළේය.

පසුව මාර්ගය මාරු වූ සතුන් දෙදෙනා අනෙක් පස වූ වැටෙන්ද පැන අසල වූ ඝන ලඳු කැලෑවට රිංගා අතුරුදහන් වී ඇත. පසුව මෙම සතුන් දෙදෙනා කුඹුක්කන් ඔයේ දිය නාමින් සිටිනුද දැකගත හැකි වී තිබේ.

මේ අතර මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පසුගිය දිනවල එම ප්‍රදේශයේ වන අලි සැරිසැරීම ඉහළ ගොස් ඇති බවයි.

ඇතෙකුද ඇතුළත් වන අලි රංචුවක් නිතර නිතර ගම්මානයට කඩා වදින බවත්, එමගින් ප්‍රදේශවාසීන්ගේ දෛනික ජීවිතයට සහ ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ගම්වාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here