වර්ෂාපතනය අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම් පහළට

0
16

දිවයිනට පවතින වර්ෂාපතනයේ අඩුවීමක්ත් සමඟ මෙතෙක් අවදානම් මට්ටමේ පැවති ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වී තිබූ සුළු ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, කලා ඔය, මී ඔය සහ දැදුරු ඔය යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here