19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට

0
12

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තෙවැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට හිමිව තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි 21 වන දින සිට පෙබරවාරි 06 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, තරගාවලියේ තරග බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් හා සිල්හෙට් මෙන්ම නේපාලයේ කිර්තිපූර් සහ මුල්පානි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක්වන අතර, ඒවා කාණ්ඩ 4ක් යටතේ තරග වදිනු ඇත. මූලික කණ්ඩායම් අදියරෙන් අනතුරුව, කාණ්ඩ දෙකකින් සමන්විත ‘සුපර් 6’ වටය පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි 4 වන දිනත්, දැවැන්ත අවසන් මහා තරගය පෙබරවාරි 6 වන දිනත් චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. අවසන් වරට මෙම තරගාවලිය පැවති 2023 සහ 2025 යන වසර ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, මෙවර වත්මන් ශූරියන් වන ඉන්දියාව ‘A’ කාණ්ඩයෙන් තරග වදින්නේ අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ නේපාලය සමඟිනි. පසුගිය වසරේ අනුශූරතාව දිනූ දකුණු අප්‍රිකාව ‘B’ කාණ්ඩයට ඇතුළත් වන අතර, එම කාණ්ඩයට නවසීලන්තය, පාකිස්තානය සහ සැමෝවා අයත් වේ. මීට අමතරව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නයිජීරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘C’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය, අමෙරිකාව සහ ස්කොට්ලන්තය සමඟින් ‘D’ කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here