බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට අධික ප්‍රමාණයක් දැඩි ණය බරින් මිරිකී සිටින බව නව සමීක්ෂණයකින් හෙළිවෙයි

0
13

ආදායම් ඉහළ නොයෑම සහ ජීවන වියදම සීඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙන් බංග්ලාදේශයේ සමස්ත පවුල්වලින් 47.42ක් දැඩි ණය බරින් මිරිකී සිටින බව බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ආර්ථික අර්බුදය නගරබද ජනතාවට වඩා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි ලෙස බලපා ඇත.

ජාතික වැටුප් කොමිෂන් සභාවේ ඉල්ලීමක් මත, බංග්ලාදේශ සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දිළිඳුකම සහ ජීවනෝපාය සංඛ්‍යා ලේඛන ඒකකය විසින් පවත්වන ලද “2025 ජීවන තත්ත්ව සමීක්ෂණය” මඟින් මෙම දත්ත අනාවරණය කර ඇත. පසුගිය වසර තුළ මූලික ජීවන වියදම් පියවා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 51.91ක්, නාගරික ප්‍රදේශවල පවුල්වලින් 40.19ක් සහ මහා නගර සභා බලප්‍රදේශවල පවුල්වලින් 32.11ක් ණය ලබා ගැනීමට පෙළඹී ඇති බව එමඟින් පෙන්වා දෙයි.

මෙම සමීක්ෂණයට අනුව, ජාතික මට්ටමින් පවුලක පැවැත්ම සඳහා ලැබෙන මාසික සාමාන්‍ය ආදායම බංග්ලාදේශ ටකා 33,513ක් වන නමුත්, මාසික සාමාන්‍ය වියදම ටකා 35,311ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික මට්ටමින් ගත් කල, මාසික වියදම ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සමානව බෙදී ගියද, ප්‍රදේශ අනුව එහි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එනම්, ග්‍රාමීය වැසියන් තම ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වැය කරන අතර, නාගරික වැසියන් වැඩි වශයෙන් මුදල් වැය කරන්නේ ආහාර නොවන ද්‍රව්‍ය සඳහා බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here