අනුරාධපුර ප්‍රදේශ රැසකට හෙට (22) පැය 8ක ජල කප්පාදුවක්

0
5

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) දින පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබා දීමේ අරමුණින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

මෙම නඩත්තු කටයුතු හේතුවෙන් විජේපුර ජල සම්පාදන ක්‍රමයට අයත් විජේපුර, පාලඩිකුලම, නෙළුම් කුලම සහ කවරක්කුලම යන ප්‍රදේශවලටත්, නාච්චාදුව ජල සම්පාදන ක්‍රමයට අයත් නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම යන ප්‍රදේශවලටත්, තලාව ජල සම්පාදන ක්‍රමයට අයත් තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්‍රදේශවලටත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇත. මීට අමතරව, අනුරාධපුර නගර අදියර II සහ III යන ප්‍රදේශවල ජල සැපයුමෙහි අඩු පීඩන තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද සඳහන් වේ.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව ප්‍රකාශ කරන අතර, අවශ්‍ය ප්‍රමාණයට ජලය කලින්ම රැස් කරගන්නා ලෙසත්, එම ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here