අපේක්ෂිත අගයන් ඉක්මවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

0
7

මීට පෙර ඇස්තමේන්තු කරන ලද අගයන්ට වඩා ඉදිරියේදී ගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව මෙම සියවස මැද භාගය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.7ත් 1.8ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම, නිසි ක්‍රියාමාර්ග නොගතහොත් 2100 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8ක අගයකින් ඉහළ යනු ඇති බවද එම වාර්තාව අනතුරු අඟවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීම සහ හරිතාගාර වායු විමෝචනය කඩිනමින් අවම කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

ඒ අනුව, ගෝලීය උණුසුම පාලනය කිරීමේ අරමුණින් 2030 වසර වන විට හරිතාගාර වායු විමෝචනය සියයට 18කින්ද, 2035 වන විට සියයට 45කින්ද, සහ 2040 වසර වන විට එය සියයට 69ක ප්‍රතිශතයකින්ද කප්පාදු කිරීමට පියවර ගත යුතු බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here