ගැටඹේ නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

0
8

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දහවල් අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත විශේෂයෙන් පැමිණි ජනාධිපතිවරයා, ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අපවත්වීම වහන්සේ හේතුවෙන් ශෝකයට පත් මහා සංඝ රත්නය සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය සහ බලවත් ශෝකය පළ කළේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here