කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

0
5

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ හදිසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වයත් සමඟ අද (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි සහ ගිගුරුම් සහිත වැසි ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් විශේෂිත ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත වීමේ දැඩි හැකියාවක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) පස්වරු 3.30 දක්වා වලංගු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here